පසුගිය හතරවන දින මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන කෝටාව ඉහළ දැමීමට තීරණය කර තිබුණි.එසේ උත්සව සමය වෙනුවෙන් ඉහළ දැමූ ඉන්ධන කෝටාව හෙට (18) දිනයේ සිට යළි පැවති ආකාරයටම ක්‍රියාත්මක කිරීම සඳහා මීට පෙර තීරණය කළ බව වාර්තා වේ.
නමුත් උත්සව සමයේ ඉහළ දැමූ ඉන්ධන කෝටාවන් උත්සව සමයෙන් පසුවත් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යනවා ද නැද්ද යන්න පිළිබදව තවමත් අවසන් එකගතාවයකට පැමිණ නොමැති බවත් ඒ සම්බන්ධයෙන් අද (17) තීරණයක් ගන්නා බවත් බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කළ බව වාර්තා වේ.