මේ දිනවල ශීඝ්‍ර ලෙස ඩෙංගු ව්‍යාප්තවීමත් සමග රෝහල්වල හෙද හෙදියන්ට ද ඩෙංගු වෛරසය අසාදනය වීම හේතුවෙන් ඔවුන් සේවයට වාර්තා කිරීමේ අඩුවක් පවතින බවට රෝහල් බලධාරීහු ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මේ හේතුවෙන් හෙද කාර්ය මණ්ඩලයේ සෙසු පිරිසට නිවාඩු නොලබා සේවයට වාර්තා කිරීමට සිදුව ඇති බවත් එය තරමක් අසීරු තත්ත්වයක් බවත් ඔවුහු සඳහන් කර තිබේ.
මෙම වසර ආරම්භයේ සිට ඊයේ (23) දක්වා මෙරටින් ඩෙංගු රෝගීන් පනස්හතරදහස් හයසිය එක්දෙනකු වාර්තා වි ඇති අතර, ජූලි මාසයේ පමණක් ඩෙංගු රෝගින් පන්දහස් එකසිය විසි දෙනකු හමුවී ඇති බව සදහන්.
ඩෙංගු රෝගීන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි.
රෝගීන් වැඩිම සංඛ්‍යාවක් හමුව ඇති දිස්ත්‍රික්කය ගම්පහ වන අතර එම සංඛ්‍යාව 11823කි.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගින් එකොළොස්දහස් හත්සිය හතළිස් නවදෙනකු ද වාර්තා වී තිබේ.
මේ අතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස පනහක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස නම්කර ඇති බවට ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.