ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මධුශංක දිසානායක මහතා පත්කර තිබෙන බව වාර්තා වේ .
තාක්ෂණ විෂය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (11) සිට ක්‍රියාත්මකවන පරිදි මෙම නව පත්කිරීම සිදුකර තිබේ.
ඒ අනුව නව අධ්‍යක්ෂක ජනරාල් මධුශංක දිසානායක මහතා ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පද්ධති කළමනාකරණය පිළිබඳව පශ්චාත් උපාධියක් ද , කොළඹ විශ්වවිද්‍යාලයෙන් රාජ්‍ය කළමනාකරණය පිළිබඳව පශ්චාත් උපාධියක් ද , ඔස්ට්‍රේලියාවේ කර්ටින් තාක්ෂණ විශ්වවිද්‍යාලයෙන් පරිගණක පද්ධති හා ජාලකරණය පිළිබඳව උපාධියක් ද , ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයෙන් නීතිවේදී උපාධියක් ද හිමිකරගෙන තිබෙන බව සඳහන් වේ .
එසේම මොහු ශ්‍රී ලංකා පරිපාලන සේවයේ වසර ගණනාවක අත්දැකීම් සහිත නිලධාරියෙකු වන අතර රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය, අග්‍රාමාත්‍ය කාර්යාලය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහ අධිකරණය අමාත්‍යාංශය වැනි රාජ්‍ය ආයතන කිහිපයකම ජ්‍යේෂ්ඨ තනතුරු රැසක් දරා තිබේ.