මඩකලපුව , වාකරේ , කයන්කෙනී අභය භූමිය ප්‍රදේශයේ වෙරළ ආසන්නයට පැමිණ ගැඹුරු මුහුදට යාමට නොහැකිව ගැවසෙමින් සිටි තුවාල ලැබූ ඩොල්පින් මත්සයන් 7 දෙනෙකු නැවත මහමුහුදට යැවූ බව වාර්තා වේ .
නැගෙනහිර වනජීවී සෞඛ්‍ය කළමනාකරණ ඒකකයේ පශු වෛද්‍ය නිලධාරි වෛද්‍ය නිහාල් පුෂ්පකුමාර මහතා ඇතුළු වනජීවී නිලධාරීන්, නාවික හමුදාවේ සහ ධීවර ප්‍රජාවගේ සහය ඇතිව එම ඩොල්පින් මත්ස්‍යයින්ට ප්‍රථිකාර ලබාදීමෙන් පසු නැවත ගැඹුරු මුහුදට යැවීමට කටයුතු කරන ලදී .
මෙම ඩොල්පින් මත්ස්‍යයින් අඩි හතක් පමණ දිගින් යුත්ත වන බව සදහන් .
මොවුන් ධීවරයන්ගේ දැලකට හසුවී වෙරළ ආසන්නයට ගසාගෙන එන්නට ඇතැයි අනුමාන කරන අතර දැල්වලට හසුවීම නිසා තුවාල ලබාසිටි මත්ස්‍යින් හට ප්‍රතිජීවක ඖෂධ ලබාදීමෙන් පසු නාවික හමුදාවේ සහ ධීවර බෝට්ටුවලින් රැගෙන ගොස් ගැඹුරු මුහුදට මුදාහරින ලදී.