පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අනතුරට ලක් කර පලාගිය දහ නම හැවිරිදි කාර් රථ රියදුරෙකු වැල්ලවාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
යාලබෝව, සෙල්ලබාව ප්‍රදේශයේ රථවාහන හැසිරවීමේ රාජකාරියේ යෙදී සිටියදී කාර් රථයක් නැවැත්වීම සඳහා පොලිස් නිලධාරීන් දෙදෙනා අණ කළ ද කාර් රථය පොලිස් නිලධාරීන්ගේ යතුරුපැදියේ ගැටීමට සලස්වා පළාගොස් ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.
එම කාර් රථය පසුපස යතුරුපැදියෙන් හඹා ගිය පොලිස් නිලධාරීන් දෙදෙනා යතුරුපැදිය පාලනයෙන් ගිලිහී පෙරළීමෙන් අනතුරකට ලක් වී තිබේ.
එම අනතුරෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් ප්‍රතිකාර සදහා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර පොලිස් යතුරු පැදියට ද හානි සිදුවී ඇති බව පොලිසිය වැඩිදුරටත් අනාවරණය කරයි.
අත්අඩංගුවට ගත් සැකකරු අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්.














































