නැගෙනහිර ආරක්ෂක කවුන්සිලය ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන්ගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලයේ පිහිටා ඇති ආණ්ඩුකාර ලේකම් කාර්‍යාලයේදී රැස් වී ඇති බව වාර්තා වේ .
මේ සඳහා නැගෙනහිර පළාතේ පොලිස් සහ ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් සහභාගී වී ඇති බව සඳහන් වේ.
එමෙන්ම නැගෙනහිර පළාතේ නීතිය සහ සාමය ආරක්ෂා කිරීම , සංචාරකයින්ගේ සුබසාධන පහසුකම් ඉහළ නැංවීම , මත්ද්‍රව්‍ය ජාවාරම් , මිනිස් ජාවාරම් , නීතිවිරෝධී මසුන් ඇල්ලීම සම්බන්ධයෙන් මෙම හමුවේදී අවධානය යොමුව තිබේ.













































