ඉන්දියාවෙන් නිකුත් කරන ලද බිත්තර වෙළෙදපොළට නිකුත් කිරීම සදහා වන සහතික ලබා දීම ,සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තවදුරටත් ප්‍රමාද කිරීම හේතුවෙන් ගැටලු රැසක් නිර්මාණය වී ඇති බවට වාර්තා වේ.
රාජය්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා ප්‍රකාශ කළේ මේ හේතුවෙන් සැලසුම් කළ පරිදි බිත්තර වෙළෙදපොළට නිකුත් කිරීමට නොහැකි වී ඇති බවයි.
“මේ වෙනකොට අපි අසීරුතාවයකට පත්වෙලා තියෙනවා බිත්තර වෙළෙඳපොළට නිකුත් කිරීම සම්බන්ධයෙන්. මොකද 19 වනදා ලංකාවට ආපු බිත්තර නැවේ සාපම්පල අපි භාරදීලා තියෙනවා. එහි සාම්පල වාර්තාව අපි බලාපොරාත්තු වුණා සඳුදා දිනයේ ලැබෙයි කියලා. නමුත් අපි සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවෙන් හොයලා බලද්දි ඔවුන් අපිට කියා සිටියා එම වාර්තාවන් අපිට ලබාදීමට හැකියාව ලැබෙන්නේ සිකුරාදා දිනයේ බව. මේ අනුව අපට හැඟී ගිහින් තියෙනවා උපරිම වශයෙන් දින 10ක පමණ කාලයක් මොවුන් මේ සඳහා ලබාගන්නා බව. මේ එක්ක අපි දැඩි අපහසුතාවයට පත්වෙලා තියෙනවා වෙළෙඳපොළට නිකුත් කිරීම සම්බන්ධයෙන්.”
ඉදිරියේදී තවත් මිලියන 05කට ආසන්න බිත්තර ප්‍රමාණයක් ආනයනය කිරීම සදහා ඇනවුම් ලබා දී ඇති බවද ආසිරි වලිසුන්දර මහතා ප්‍රකාශ කර තිබේ.













































