වැඩිමහල් සහෝදරයා විසින් බාල සහෝදරයාට පිහියකින් ඇන ඝාතනය කර ඇති බව වාර්තා වේ.
සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ කිරුළපන හයිලෙවල් පාර පදිංචිව සිටි ආර් ඒ අමිල සඳරුවන් නැමැති 29 හැවිරිදි එක්දරු පියෙකි.
32 හැවිරිදි සැකකාර සහෝදරයා ඝාතනයට යොදාගත් පිහියත් සමග පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඝාතනයට ලක්වූ පුද්ගලයා තදින් අයිස් හා හෙරොයින් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි ව සිටින අතර ඊයේ (15) ඔහු මවගෙන් මුදල් ඉල්ලා කරදර කිරීම හේතුවෙන් ඇති වූ බහින් බස් වීමකින් අනතුරුව සැකකාර සහෝදරයා විසින් එලවළු කපන පිහියකින් පපු ප්‍රදේශයට පිහියෙන් ඇන තිබූ බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.














































