හොලිවුඩ් නළුනිළියන් සහ පිටපත් රචකයන් විසින් ක්‍රියාත්මක කර තිබෙන වර්ජනය හේතුවෙන් මෙවර ” එමී ” සම්මාන උළෙල කල් දැමීමට සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .
මෙම ” එමී ” සම්මාන උළෙල සෑම වර්ෂයකම සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙන අතර මෙවර එම සම්මාන උළෙල සැප්තැම්බර් මස 19 වනදින පැවැත්වීමට නියමිතව තිබුණි. නමුත් මෙම වර්ජනය හේතුවෙන් කල් දැමූ සම්මාන උළෙල පැවැත්වෙන නිශ්චිත දිනයක් ප්‍රකාශ කර නොමැති බව සඳහන් .















































