පෙර පාසල් ගුරුවරියකගේ නිවසක් බිඳ භාණ්ඩ සොරාගත් පිය පුතු දෙපළක් දියතලාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දියතලාව ප්‍රදේශයේ පදිංචි පියපුතු දෙපලකි.
පෙරපාසල් ගුරුවරියගේ නිවසේ තිබූ රුපියල් ලක්ෂ තුනකට අධික වටිනාකමින් යුතු රන් භාණ්ඩ සොරා ගෙන ඇති බව පොලීසිය ප්‍රකාශ කර තිබේ.
අත්අඩංගුවට ගත් පිය පුතු දෙදෙනා මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ අය බවට කරුණු අනාවරණය වී තිබේ.
මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශණ කටයුතු දියතලාව පොලීසිය විසින් සිදුකරනු ලබයි.














































