තංගල්ල කුඩාවැල්ල ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් කඩු පහර කෑ පියකු හා පුතකු තුවාල ලබා පුතු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට හා පියා නාකුලුගමුව රජයේ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තාවේ.
මෙලෙස තුවාලලබා ඇත්තේ 24 හැවිරිදි ධීවර තරුණයකු හා ඔහුගේ පියා වන 61 හැවිරිදි පුද්ගලයකු බව සදහන් වේ.
මෙලෙස පහරදීමට හේතුවී ඇත්තේ ඉදිආප්ප කොත්තුවක් ගැන ඇතිවූ බහින් බස්වීමක් බව තංගල්ල මුලස්ඨාන පොලිසිය සදහන් කොට තිබේ.
දෙපිරිසම බීමතින් ගැටුම ඇතිකරගෙන ඇති බවත් ඔහුන් සමීපතම නෑදෑයන් බවත් මෙලෙස පහර දීමේන් තුවාල ලබා ඇත්තේ කුඩාවැල්ල දකුණ පන්සල අසල පදිංචි පියපුතු දෙපළක් බවත් වාර්තාවේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මක කොට තිබේ.














































