මේ වන විට ශ්‍රී ලංකාවේ සියලුම ව්‍යාපාරික සමාගම් සියල්ලම පාහේ බිඳ වැටී ඇති බවත් , මෙරට බංකොලොත් කරන ලද්දේ ආණ්ඩුව බවත් , රජය විසින් ගෙන එන බදු කිසිදු සාධාරණයක් නොමැති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .
එමෙන්ම ආණ්ඩුව විසින්ම ඉවත් කළ බදු අය කිරීමට උත්සාහ කළද බදු අය කිරීම නීතියක් සහ නිසි ක්‍රමවේදයක් අනුව සිදු කළ යුතු බවත් , සෑම නව බදු ක්‍රමයක් සම්බන්ධයෙන්ම අධිකරණයට යාමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කර තිබේ.
රට මේ තිබෙන තත්ත්වයෙන් ගොඩ ගැනීමට නම් වහාම මැතිවරණයක් පවත්වා ජනමතයට ඉඩ ලබා දිය යුතු බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.