විද්‍යුත් පාපැදි සහ විද්‍යුත් යතුරුපැදි ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාගේ අවධානය යොමුව ඇති බවට කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඊයේ (03) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කියා සිටියේ ලියාපදිංචියට අමතරව රක්ෂණයක් ලබාගැනීම ද අනිවාර්ය වනු ඇති බවයි.













































