වයස අවුරුදු 16ක දැරියක් වරින් වර දුෂණ කළ බව කියන ඇයගේ පියා සහ සහෝදරයා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇතැයි වනාතවිල්ලුව පොලීසිය සඳහන් කර තිබේ.
වාර්තා වන ආකාරයට අතවරයට පත්ව ඇති දැරියගේ මව ඇය කුඩා කාලයේ දීම මිය ගොස් ඇති අතර, පසුව ඇය පියා සහ සහෝදරයා සමඟ ජීවත් වී තිබේ. 2023 අප්‍රේල් මාසයේ සිංහල අලුත් අවුරුද්දට පෙර දිනයක දී පියා සහ සහෝදරයා තමන්ව දුෂණය කළ බවත් , එදින සිට ඔවුන් දෙදෙනා වරින් වර තමාව දුෂණය කළ බවත් අතවරයට පත්ව ඇති දැරිවිය පොලීසිය හමුවේ ප්‍රකාශ කර තිබේ.
අතවරයට ලක්ව ඇත්තේ එළුවන්කුලම, අයිලිය ගම්මානයේ පදිංචි ව සිටි දැරියක් වන අතර දැරිවියට අතවර කළ බව කියන පියා 53 වන වියේ සහ සහෝදරයා 14 වන වියේ පසුවන බව සඳහන්.
අතවරය පත්ව ඇතැයි පැවසෙන දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර වනාතවිල්ලුව පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.