මෙම වර්ෂය තුළ ඩොලර් බිලියන දෙකක විදෙස් ආයෝජන බලාපොරොත්තු වන බවත් , ඉන් ඩොලර් මිලියන 604 ක් වටිනා ව්‍යාපාර 22ක් මේ වන විටත් මෙරටට ලැබී ඇති බවත් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඒ අනුව කෘෂි , ඉදිකිරීම් , කර්මාන්ත ආදී ක්ෂේත්‍රවල ව්‍යාපාර වැඩි වශයෙන් මෙරටට ලැබී ඇති බවත් , සෘජු විදේශ ආයෝජන ආකර්ශනය කෙරෙහි වැඩි අවධානයක් යොමු වී ඇති බවත් එම අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කර තිබේ.














































