මින්නේරිය ,මුවන්පැලැස්ස ප්‍රදේශයේ පිහිටි හෝටලයක කාමරයක් තුළ ගෙළ වැලලාගෙන මියගොස් සිටි පුද්ගලයෙකුගේ සිරුරක් අද(19) උදෑසන සොයාගෙන ඇති බව වාර්තා වේ.
මෙලෙස ගෙළ වැලලාගෙන මියගොස් ඇත්තේ එම හෝටලයේ කළමනාකරු ලෙස සේවය කළ පුද්ගලයා බව සදහන්.
සිවිලිමේ සවිකර තිබූ විදුලි පංකාවක ඇද ඇතිරිල්ලක් ගැටගසා එහි එල්ලී ඔහු මෙලෙස සියදිවි නසාගෙන ඇති බව අනාවරණය වේ.
මෙලෙස සියදිවි හානිකර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මින්නේරිය පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.














































