මානසික ආබාධයකින් පෙළෙන බිරිඳව ළිඳට දමා ඝාතනය කළ සැමියකු ඔඩ්ඩුසුඩාන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ 69 හැවිරිදි පස් දරු මවකි.
වසර පහක පමණ කාලයක සිට මානසික ආබාධයකින් පෙළෙන මෙම කාන්තාවට කිසිදු කාර්යයක් තනිවම කර ගැනීමට නොහැකි නිසා මෙලෙස ඝාතනය කිරීමට පෙළඹුණු බවට හැත්තෑ නව හැවිරිදි සැමියා ප්‍රකාශ කර ඇති බව සදහන්.
බිරිඳව ළිඳට තල්ලු කිරීමෙන් අනතුරුව මොහු ද එම ළිඳට පැන ඇති අතර ප්‍රදේශවාසීන් එක්ව දෙදෙනාම ගොඩට ගෙන රෝහල් ගත කර ඇති අතර එහිදී බිරිඳ මිය ගොස් ඇති බවට පොලීසිය ප්‍රකාශ කර තිබේ.
ඔඩ්ඩුසුඩාන් පොලිසිය විසින් සීසීටීවී දර්ශන පරික්ෂා කිරීමෙන් අනතුරුව මෙය ඝාතනයක් බවට කරුණු අනාවරණය කරගෙන ඇති අතර ඉදිරි විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.