තමා විසින් සිය බිරිඳව ඝාතනය කළ බවට පාපොච්චාරණය කළ ශ්‍රී ලාංකිකයෙක්ට එරෙහිව චෝදනා ගොනු කිරීමට සිංගප්පුරු පොලීසිය අද (11) පියවර ගත් බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් චැනල් නිව්ස් ඒසියා වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ එශාන් තාරක කෝට්ටගේ නමැති 30 හැවිරිදි පුද්ගලයා සිය බිරිඳව කැටොන්ග් නම් ප්‍රදේශයේ පිහිටි හෝටලයක් තුළදී ඝාතනය කර ඇති බවයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ සෙව්වන්දි මදුකා කුමාරි නමැති කාන්තාවක් වන අතර එම ඝාතනය පසුගිය 9 වනදා උදෑසන 10.45ත් සවස 4.42ත් අතර සිදුකර ඇති බව සඳහන් වේ.
අදාළ සැකකරුව අධිකරණයට ඉදිරිපත්කර ඇති අතර එහිදී ඔහුව සතියක් බන්ධනාගාරගත කිරීමට නියෝග ලැබී තිබේ. ඝාතනය සිදු කිරීමෙන් අනතුරුව සැකකරු පොලීසියට භාරවී ඇති අතර පසුව පොලිස් කණ්ඩායමක් විසින් අදාළ හෝටලයේ කාමරයක තිබී 32 හැවිරිදි කාන්තාවගේ සිරුර සොයාගෙන තිබේ. මෙම ඝාතනයට ඔහු වැරදිකරු වුවහොත් ඔහුට මරණ දණ්ඩනය හිමිවන බව අදාළ වෙබ් අඩවිය වාර්තා කර තිබේ.















































