රාත්‍රී ආහාරය සඳහා කෙක්කකින් කොස් ගෙඩියක් කැඩීමට ගිය අයෙකු කොස් ගස අසල බිම ඇදවැටීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තුනදහේන , කොරතොට ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි එක්දරු පියෙකි.
මරණකරු ඊයේ (06) දින සවස 3.00 ට පමණ සිට බිරිඳ සමග වත්ත පහළ ඇති කොස් ගසකින් කොස් ගෙඩියක් කැඩීමට කෙක්කක් ද රැගෙන ගොස් තිබේ. බිරිඳ කොස් ගෙඩිය කැඩීමේදී එය ඇයගේ ඇඟට වැටෙතැයි කලබලයෙන් ඇය ඉවත් කිරීමට යාමේදී එක් වරම සැමියා බිම ඇදවැටී ඇති අතර කොස් ගෙඩිය ආසන්නයේ තිබූ වතුර ටැංකිය අසලට වැටී තිබේ. පසුව ඔහුව ඔරුවල රෝහලට ඇතුළත් කරන විටත් ජීවිතක්ෂයට පත්ව සිටි බව සඳහන්.