තලවකැලේ ග්‍රේස්ට් වෙස්ටන් කදු මුදුනේ තිබි පසුගිය 01වන දින ලිදුල පොලිසිය විසින් සොයා ගන්නා ලද අභිරහස් කාන්තා මළ සිරුර 22වන දින ඇයගේ නීත්‍යානුකූල සැමියා හා ඥාතින් විසින් හදුනා ගැනිමෙන් අනතුරුව නුවරඑළිය මහේස්ත්‍රාත්වරයාගේ නියෝග මත එම මළ සිරුර ඥාතින් වෙත බාර දිමට පියවර ගත් බවට ලිදුල පොලිසියේ නිලධාරියකු ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මේ පිළිබඳව වැඩි දුරටත් කරුණු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මියගිය කාන්තාවගේ මළ සිරුර හදුනා ගැනිම සදහා ලිදුල පොලිසිය මගින් එම කාන්තාවගේ ඇගිලි සලකුණු පොලිස් දෙපාර්තමේන්තුවේ ඇගිලි සලකුණු රෙජිස්ටාර් කාර්යාලය වෙත යොමු කිරිමෙන් අනතුරුව මියගිය කාන්තාවගේ ඇගිලි සලකුණු එම රෙජිස්ටාර් කාර්යාලයේ සටහන්ව තිබු බවත් ඒ අනුව මියගිය කාන්තාවගේ ඥාතින් හදුනා ගැනීමට හැකිවු බවත්ය.
ඒ අනුව ග්‍රේස්ට් වෙස්ටන් කදු මුදුනේ මියගොස් සිටියේ තංගල්ල කිරින්ද ප්‍රදේශයේ පදිංචිව සිටි ජුනයිඩ් ක්‍රිෂානි නැමති අවුරුදු 36ක් වයසැති මුස්ලිම් ජාතික කාන්තාවක් බවද ඔහු පැවසිය.
මෙසේ අභිරහස් ලෙස මියගොස් සිටි කාන්තාව නීත්‍යානුකූල සැමියාගෙන් වෙන්වි වෙනත් පුද්ගලයන් සමග සමීප සම්බන්ධතා පවත්වා ඇති බවත් මියගිය කාන්තාවගේ නීත්‍යානුකූල විවාහයෙන් ඇයට දරුවන් තිදෙනකු සිටින බවද සිදු කරන ලද විමර්ශණ වලදී අනාවරණය වී තිබේ.
මිය ගිය කාන්තාවගේ වම් අතෙහි මදුසංක යනුවෙන් සටහන් කර තිබු පච්චයෙන් ඇයගේ සැමියා විසින් සිරුර හදුනාගත් බවත් මියගිය කාන්තාව සමග ග්‍රේස්ට් වෙස්ටන් කදු මුදුනට පැමිණි පිරිස අත් අඩංගුවට ගැනිම සදහා ලිදුල පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති බවද එම නිලධාරියා ප්‍රකාශ කර තිබේ.
එම නිලධාරියා වැඩිදුරටත් සදහන් කරන්නේ ග්‍රේස්ට් වෙස්ටන් කදු මුදුනේ තිබි හමු වූ ජුනයිඩ් ක්‍රිෂානිගේ මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වු නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා මෙය ඝාතනයක් බවට සැකකරන බවත් මෙම කාන්තාවගේ ශරිරයේ කොටස් කිහිපයක් අධිකරණ වෛද්‍යවරයා විසින් රජයේ රස පරික්ෂකවරයා වෙත යොමු කර ඇති බවයි.













































