පානදුර ජනප්‍රිය පාසලක සිසුවෙක් බෝතල් කටුවකින් එම විදුහලේම සිසුවෙකුගේ පාදයකට පහරදී කැපුම් තුවාල සිදුකර ඇති බවට ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වේ.
පානදුර, නල්ලූරුව ප්‍රදේශයේ පදිංචි 12 හැව්රිදි දරුවෙකු කැපුම් තුවාල සහිතව පානදුර මූලික රෝහලට ඇතුලත් කර ඇති බවත් ඔහුගේ තත්ත්වය එතරම් බරපතළ නොවන බවත් රෝහල් ප්‍රකාශකයෙක් ප්‍රකාශ කර තිබේ.
පහරකෑමට ලක්වූ දරුවාගේ පියා විසින් කළ පැමිණිල්ලක් මත මෙසේ පරීක්ෂණ ආරම්භ කර ඇති බවට පොලීසිය පවසයි.
පහරකෑමට ලක්වූ සිසුවා පහරදුන් සිසුවාට නිතර විහිළුකර ඇති බවද මූලික පරීක්ෂණ වලදී හෙලිව ඇති බව වාර්තා වේ.














































