කටුගස්තොට දුම්රිය පල ඉදිරිපිට සිට කහල්ල මාර්ගයේ දළදා පිරිවෙන පංසල ආසන්නය දක්වා කාණු පද්ධතිය ප්‍රමිතියකින් තොරව ඉඳිකිරීම නිසා වර්ෂාව සහිත දින වල ජනතාවට මහ මඟ ගමන් කිරීමට නොහැකි වී ඇත .
මෙම මාර්ගයේ ඇතැම් ස්ථාන වල කාණු ගැඹුර පාර මට්ටමට සමානව ඉඳිකර ඇති බැවින් වැහි වෙලාවට සම්පූර්ණයෙන්ම පාර යටවන අතර පාසල් ළමුන්ට මාර්ගයේ සපත්තු දාගෙන යාමට පවා නොහැකිව ඇත. මීට සතියකට පෙර හදිසියේම නගර සභාවෙන් පැමිණ කාණුව මාර්ගයක් හරහා ඇති ස්ථානයකින් හාරා හොදට තිබුණු බෝක්කු බටයක් ඉවත්කර කොන්ක්‍රීට් කාණුවක් දමා එය මතුපිට කොටසකට කොන්ක්‍රීට් ලෑලි කීපයක් සමග තුනී යකඩ පාලම් කොටසක් දැමීමට කටයුතු කලහ. ඉන්පසු වතුර නිසි පරිදි බැස නොයෑම නිසා කාණුව කොන්ක්‍රීට් වලින් පිරවීමට කටයුතු කලත් ජනතා විරෝධය හමුවේ ගල්වැලි පටවාගෙන ආපසු යාමට සිදු විය.
කිසිම තාක්ෂණික ක්‍රමවේදයක් හෝ නිලධාරීන්ගේ අධීක්ෂණයකින් තොරව රජයේ මුදල් නාස්ති කරන මෙවැනි සංවර්ධන කටයුතු වල වියදම වැරදි කරුවන්ගෙන් අයකර මෙම කාණු පද්ධතිය යලි නිවැරැදි ව සකස් කරවීමට නියෝග කරන මෙන් ජනතාව ඉල්ලා සිටී.
සරත් සමරනායක














































