කෑගල්ල ඔලගන්කන්ද ප්‍රාථමික විද්‍යාලයේ 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දෙමව්පියන් සහ කෑගල්ල අධ්‍යාපන කාර්‍යාලයේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා අතර උණුසුම් තත්ත්වයක් හට ගත් බව වාර්තා වේ.
කෑගල්ල ස්වර්ණ ජයන්ති මහා ව්ද්‍යාලයේ ප්‍රාථමිකය ලෙස ඔලගන්කන්ද විද්‍යාලය කටයුතු කරන බවත් , චක්‍රලේඛ්‍ය අනුව ඔලගන්කන්ද ප්‍රාථමිකයෙන් අනතුරුව 6 ශ්‍රේණිය සඳහා කෑගල්ල ස්වර්ණ ජයන්ති මහා විද්‍යාලයට ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළත් කිරීමට හැකියාව තිබෙන බවත් සිසුන්ගේ දෙමව්පියන් ප්‍රකාශ කළ ද ස්වර්ණ ජයන්ති මහා විද්‍යාලය ජාතික පාසලක් වූ විට එසේ ක්‍රියාත්මක නොවන බවත් අවශ්‍ය නිර්දේශ ලේකම් කාර්‍යාලය වෙත යවා ඇති බවත් කෑගල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා ප්‍රකාශ කර තිබේ.
පසුව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා විසින් මේ සම්බන්ධයෙන් අවශ්‍ය විසඳුමක් ලබා දීමට බලාපොරොත්තු වන බවත් , 10 වැනිදාට සියලු දෙමව්පියන් ස්වර්ණ ජයන්ති මහා විද්‍යාලය වෙත පැමිණෙන ලෙසත් අධක්ෂකවරිය වැඩි දුරටත් ප්‍රකාශ කළ බව වාර්තා වේ.














































