මැලේසියාවේ සෙන්තුල් හි ශ්‍රී ලාංකිකයන් තිදෙනකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලාංකික යුවළ ඔක්තෝබර් 6 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .
මෙම යුවළ , සිරුරු සොයාගත් නිවසේ අයිතිකරුවන් නොවන බවත් , ඔවුන්ද එම නිවස කුලියට ගෙන සිට ඇති බවත් ක්වාලාලාම්පුර් පොලිසිය ප්‍රකාශ කර තිබේ .
සිරුරු සොයාගත් අවස්ථාවේදී විමර්ශන කටයුතු සාර්ථකව සිදු කිරීමට මෙම යුවළ දවස් 7 ක් සඳහා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති අතර ඒ අනුව අද (30) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තවත් දවස් 7 ක කාලයක් සඳහා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ .
මෙම ඝාතනයන්ට සම්බන්ධ යැයි සැක කෙරෙන තවත් ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු සොයා විමර්ශන ආරම්භ කළ ක්වාලාලාම්පුර් පොලීසිය එම ශ්‍රී ලාංකිකයන් දෙදෙනා හුලූ ලන්ගට් ප්‍රදේශයේ වනාන්තරයක සැඟව සිටියදී සොයා ගෙන ඇති බව වාර්තා වේ .
මියගිය ශ්‍රී ලාංකිකයන් තිදෙනා අවුරුදු 20 ත් 40 ත් අතර පසුවන්නන්ය.















































