මහනුවර ,අලවතුගොඩ ප්‍රදේශයේ කුඹුරක තිබී ඝාතනය කළ බවට සැක සහිත කාන්තා මළ සිරුරක් පසුගිය 11 වනදා හමු වූ අතර මෙම 26 හැවිරිදි දනුකා මධුවන්ති නැමැති තරුණියගේ ඝාතකයා සොයා ගැනීමට ගොයම් පැළයක් මගින් හැකි වූ බවට අස්ගිරි පොලිසිය මගින් ප්‍රකාශ කර තිබේ.
එනම් අදාල කාන්තාව ඝාතනය කර තිබියදී සොයා ගත් මඩ වගුරේ ගොයම් පැළ දෙකක් පොලිස් නිල සුනඛයාට ඉව කිරීමට ලබාදීමෙන් පසුව පොලිස් නිල සුනඛයා ගමන්ගත් මාර්ගයේ ගමන් කර කිලෝ මීටර් තුනක් පමණ දුරකින් වූ නිවසක් අසල නතර වූ බවට වාර්තා වේ.
මේ අනුව පොලිසියට මෙම නිවසේ සිටියදී ඝාතනය සිදුකල හමුදා සෙබළා අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.
















































