රජය විසින් ක්‍රියාත්මක කර ඇති නව බදු ක්‍රමයට එරෙහිව සහ විදුලි ගාස්තු සංශෝදනය ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (15) වරාය , විදුලි , ජල , වෛද්‍ය , දුම් රිය , තැපැල් , බැංකු ඇතුළු ක්ෂේත්‍ර රැසක් වෘත්තීය සමිති විසින් මේ වන විට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
එමෙන්ම අද (15) දිවයිනේ සියලුම පාසල්වල වර්ජනය ක්‍රියාත්මක බවත් ගුරු හා විදුහල්පති සංගම් ප්‍රකාශ කරන ලදී.














































