අද (03) පෙරවරු 9.30ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී ව්‍යවස්ථාදායක සභාව යළි රැස්වීමට නියමිත බව වාර්තා වේ.
එහිදී රාජ්‍ය සේවා කොමිෂන් සභාව , විගණන සේවා කොමිෂන් සභාව , ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව යන කොමිෂන් සඳහා නව සාමාජිකයින් පත් කිරීමට පියවර ගන්නා බවත් , මෙතෙක් සාමාජිකයින් පත් කර නොමැති මැතිවරණ කොමිෂන් සභාව , පොලිස් කොමිෂන් සභාව , ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව , අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඇතුළු කොමිෂන් සභා සඳහා සාමාජිකයින් පත් කිරීමට නියමිත බවත් සඳහන්.
මෙම අදාළ පත් කිරීම් සියල්ල මෙම සතිය තුළ සිඳු කර අවසන් වන බවට වාර්තා කරයි.













































