බන්දුල ගුණවර්ධන විපක්ෂයේ ඉන්නා විට කියූ දේවල් හොඳටම මතක බවත් , ඔහු ආර්ථික විද්‍යාවේ උණ්ඩුක පුච්ච න්‍යාය විග්‍රහ කරමින් සිටින බවත් ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළ බව වාර්තා වේ .
එමෙන්ම අද ලංකාවේ සෑම දුම්රියක්ම ප්‍රමාද වන බවත් , මිනිසුන් වෛර බැඳ ගන්නේ දුම්රිය දෙපාර්තමේන්තුව සමඟ නමුත් දුම්රිය ප්‍රමාදයට ඇත්ත හේතුව තවම රටට කියා නොමැති බවත් මන්ත්‍රීවරයා සඳහන් කරන ලදී .
තවද ඔහු වැඩි දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ දුම්රිය ප්‍රමාද වීමට ප්‍රධාන හේතුව පරිපාලන දුබලතාවය බවත් , අවශ්‍ය උපාංග නොමැති බවත් , පුහුණු තාක්ෂණික සේවකයන්ගේ 6000 කගේ පමණ පුරප්පාඩුවක් තිබෙන බවත් ය.