ඊයේ (17) දින රාත්‍රී කාලයේ ගිලන් රථයක් හා පාපැදියක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් එක පුද්ගලයකු මිය ගොස් ඇති බව වාර්තාවේ.
අනතුර සිදුව ඇත්තේ කුරුනෑගල හලාවත මාර්ගයේ පුලියන්කඩවර ප්‍රදේශයේ දී වන අතර අනතුරින් පාපැදි කරු මිය ගොස් තිබේ.
පාපැදි කරු පාපැදිය තල්ලු කර යමින් සිටියදී ගිලන් රථය පැමිණ ඔහුගේ ගැටී ඇති අතර අනතුරින් තුවාලලබා පාපදිකරු හලාවත රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබේ.
මියගොස් ඇත්තේ 64 හැවිරිදි මුගුනුවටවන, කොකාවිල් ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.
ගිලන් රථය බින්ගිරිය රෝහලට අයත්වන අතර හලාවත පොලිසිය මගින් එහි රියදුරු අත්අඩංගුවට ගෙන වැඩි දුර විමර්ශන සිදුකරනු ලබයි.














































