උණවටුන යද්දෙහිමුල්ල ප්‍රදේශයේ සංචාරකයින් සඳහා සේවා සපයන සම්බාහන ආයතනයක සේවය ලබාගැනීමට පැමිණි 38; හැවිරිදි අයර්ලන්ත ජාතික කාන්තාවකට ලිංගික අතවර කිරීම සහ එම අතවරයට ආධාර අනුබල ලබාදීම සම්බන්ධයෙන් එම සම්බාහන මධ්‍යස්ථානයේ හිමිකරු සහ සේවකයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
සේවකයා කාන්තාවට අතවර කිරීම සම්බන්ධයෙන් ද, ඒ සඳහා ආධාර අනුබල දීම සම්බන්ධයෙන් හිමිකරු ද අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම අයර්ලන්ත ජාතික කාන්තාව ඊයේ (16) මෙම ස්ථානයට ගොස් සම්භාහන සේවය ලබාගෙන සිටියදි සැකකරු ඇයට අතවර කර ඇති බවට පොලීසිය පවසයි.