පාතාල ක්‍රියාකාරකම්වලට යතුරුපැදි සැපයූ පුද්ගලයෙකු කොළඹ අපාරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෝදර ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි මංජු නැමැති අන්වර්ත නාමයෙන් හදුන්වන පුද්ගලයෙකි.
කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කරන්නේ සැකකරු සන්තකයේ තිබී විවිධ ප්‍රදේශවලින් සොරා ගන්නා ලද යතුරුපැදි 3 ක් ද පොලිස් භාරයට ගත් බවයි.














































