ජපානයේ පැවති ආසියානු පැසිෆික් කලාපීය කායවර්ධන සහ ශාරීරික නිරූපණ 2023 තරගාවලියේ දී රන් පදක්කමක් සහ සිව්වන ස්ථාන දෙකක් දිනා ගත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් තිදෙනකු ඊයේ (21) රාත්‍රියේ දිවයිනට පැමිණි බව වාර්තා වේ .
මෙම තරඟාවලිය ජපානයේ තෝකියෝ නුවර පසුගිය 16 සහ 17 යන දිනයන් වල දී පැවැති අතර ඊට රටවල් 23ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300 ක් එක්ව සිටියහ .
මෙම තරගාවලියේදී කිලෝග්‍රෑම් 70 – 75 බර පන්තිය යටතේ කායවර්ධන අංශයෙන් තරග කළ සුමිත් චන්දන ද සිල්වා එහි ශූරතාව දිනා ගනිමින් රන් පදක්කම හිමිකර ගැනීමට සමත් විය .
එමෙන්ම ජීන්ස් මොඩ්ල් අංශයෙන් තරඟ කළ තරංග සංජීව සහ ස්පෝර්ට්ස් මොඩ්ල් අංශයෙන් තරඟ කළ අකිල චමීර ප්‍රනාන්දු යන දෙදෙනා ද එම අංශ වලින් සිව් වන ස්ථානය දිනා ගැනීමට සමත් විය.













































