උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනය ඉදිරි දින කිහිපය තුළ විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් ප්‍රකාශයට පත් කරනු ඇති බවට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (03) පාර්ලිමේන්තුවේදී පැවසූ බව වාර්තා වේ.
අධ්‍යාපන අමාත්‍යවරයා පසුගිය දා පාර්ලිමේන්තුව තුළ දී පැවසුවේ උසස් පෙළ සිසුන්ට සාධාරණයක් ඉෂ්ට කිරීම සඳහා විභාගය කල් දැමීමට තීරණය කළ බවයි.
ඒ අනුව විභාග කොමසාරිස්වරයා විසින් ඉදිරි දින කිහිපය තුළදී අදාළ දින ප්‍රකාශයට පත් කරන බවද අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.













































