මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවෙක් ලෙස පොලීසිය විසින් හඳුන්වනු ලබන ශිරාන් බාෂික් නැමැත්තා සමග සමීප සම්බන්ධතා පැවැත්වූ කාන්තාවක් තමා සන්තකයේ හෙරොයින් තබාගෙන සිටියදී විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
පොලීසිය පවසන්නේ ඇය එම පුද්ගලයාගේ අනියම් බිරිඳ ලෙස හඳුනාගෙන ඇති බවයි.
කැස්බෑව පොලිස් වසමේ පොල්ගස්ඔවිට ප්‍රදේශයේ පිහිටි නිවසක් වටලා එම කාන්තාව අත්අඩංගුවට ගෙන තිබූ අතර එහිදී හෙරොයින් මිලිග්‍රෑම් 480ක්ද හමුවී තිබුණි.
ඇය දෙහිවල ප්‍රදේශයේ කාන්තාවක් බවට පොලීසිය පවසා තිබේ.














































