අවුරුද්දක් පමණ වයසැති සිඟිත්තියක් සමඟ වැවක පාවෙමින් තිබූ මවකගේ මළ සිරුරක් අද (23) සොයා ගෙන ඇති බව වාර්තා වේ.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ලිදුල පොලිස් වසමට අයත් ලෝගි වත්තේ පදිංචිව සිටි මගමනි දයානි නම් 26 හැවිරිදි එක්දරු මව සහ ඇයගේ අවුරුද්දක් වයසැති සිඟිත්තියයි.
ලිදුල පොලිසිය පවසන්නේ සිය සැමියාගෙන් සහ සැමියාගේ පවුලේ ඥාතින්ගෙන් තමන්ට සහ දරුවාට හිරිහැර සිදු වන බව අදාළ මව විසින් පිටු තුනක ලිපියක් ලියා ඇති බවත් , එම ලිපිය , ඇයගේ විවාහ සහතිකය සහ ජාතික හැදුනුම්පත වැව අසල තිබියදී සොයාගත් බවත් ය.
එම කාන්තාව සිගිත්තිය සමඟ ලිදුල ලෝගි වත්තේ ඇයගේ නිවස අසල පිහිටි වැවට පැන සියදිවි හානි කරගන්නට ඇතැයි සැක කරන බව ලිදුල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සිසිර කුමාර මහතා ප්‍රකාශ කරයි.
කාන්තාවගේ සිරුර වැවෙහි පාවෙමින් තිබූ බවත්, සිඟිත්තියගේ සිරුර වැවෙහි අතුරුදහන් වි ඇති බවත් සඳහන්.














































