මවක් සිය මාස තුනක් වයස දියණිය සමග කටාරම්පුර ප්‍රදේශයේ පිහිටි ගෙවත්තක ළිඳක වැටී සිටියදී ගොඩට ගෙන දෙදෙනාම ගලෙන්බිදුනුවැව රෝහලට ඇතුළත් කිරීමේදී ගැහැණු දරුවා මියගොස් ඇති බව වාර්තා වේ.
ළිඳට වැටී සිටියදී ගොඩට ගත් මව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කරන ලද බව සඳහන්.
තම මව සහ පියා පදිංචිව සිටි නිවසට නුදුරින් පිහිටි ගෙවත්තේ ඇති ළිඳ ළඟට ගොස් දරුවාට කිරි දෙන අවස්ථාවේ දරුවා ළිඳට ඇද වැටුණු බවට මව පවසන්නේ යැයි පොලීසිය පවසයි.
දරුවා ළිඳට වැටුණු නිසා දරුවා බේරා ගැනීමට තමාද ළිඳට පැන්න බවට මෙම මව වැඩිදුරටත් පොලීසියට පවසා ඇත.