තලවකැලේ ප්‍රදේශයේ තේ වත්තක අතරමංව සිටි කොටි පැටවෙකු ප්‍රතිකාර සදහා රන්දෙණිගල පශු වෛද්‍ය රෝහල වෙත යොමු කිරීමට වනජීවි නිලධාරින් විසින් කටයුතු කළ බවට වාර්තා වේ.
අතරමං වූ කොටි පැටවා තලව කැලේ තේ වත්තක වැඩ කරමින් සිටි වතු කම්කරුවන්ට හමු වී ඇති අතර ඔවුන් විසින් කොටි පැටවා මවට භාරදීමට උත්සාහ කළද කොටි පැටවා අසළට පැමිණි මව කොටි පැටවා ප්‍රතික්ෂේප කළ බව සදහන්.
කිසිදු ආහාරයක් නොලැබූ කොටි පැටවා රෝගී තත්ත්වයෙන් පසු වූ නිසා රන්දෙණිගල පශු වෛද්‍ය රෝහලට ඇතුළත් කළ අතර කොටි පැටවාව මිනිසුන් ස්පර්ශ කර තිබෙන බවට ඉව ඇති බැවින් කොටි මව මෙලෙස තම කොටි පැටවා ප්‍රතික්ෂේප කරන බවට වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබේ.














































