රටම කම්පා කළ අඟුරුවාතොට මව සහ බිළිඳිය ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන ප්‍රධාන සැකකරු වන හමුදා සෙබළා විසින් උකස් කර තිබෙන මාලය අදාළ කාන්තාව පැළඳ සිටි මාලය දැයි නිශ්චිතවම හඳුනා ගැනීම සඳහා අධිකරණය නියෝගයක් ලබාගෙන තිබෙන බව වාර්තා වේ .
මෙම සැකකරු පසුගිය 21 වැනිදා අදාළ මාලය හොරණ නගරයේ උකස් මධ්‍යස්ථානයක උකස් කර ඉන් රුපියල් 48,000 ක මුදලක් ලබා ගෙන ඇති බවත් ,මේ බව ඔහුගේ හැදුම්පත් අංකයෙන් තහවුරු කරගෙන තිබෙන බවත් සිදු කළ මූලික විමර්ශන කටයුතු වලින් අනාවරණය වී තිබේ .
එමෙන්ම වැඩි දුර විමර්ශන කටයුතු සඳහා අදාළ උකස් මධ්‍යස්ථානයේ CCTV දර්ශන පරීක්ෂා කිරීමේදී නියමිතව තිබෙන බව වාර්තා වේ .














































