පවතින ධාරානිපාත වර්ෂාව සමඟ අද (09) රාත්‍රීයේ කොළඹ-බදුල්ල ප්‍රධාන මාර්ගයට හපුතලේ බෙරගල අතර උඩ බ්ලැක්වුඩ් ප්‍රදේශයේ ස්ථාන දෙකක දී ගල්පර්වත සමඟ පස්කඳු කඩාවැටී එක් මංතීරුවක් අවහිර වී ඇති බව වාර්තා වේ .
ඒ අනුව ප්‍රපාතාකාර බෑවුම් සහිත මෙම මාර්ගයේ අනෙක් පස මංතීරුව ගිලාබැසීම් ඇතිවිය හැකි බැවින් තනි මංතීරු කොටස ඔස්සේ බර වාහන ධාවනය අනතුරුදායක බව පෙන්වා දී තිබේ.
පොලීසිය පවසන්නේ තවදුරටත් පස්කඳු කඩාවැටීමේ හා ගල් පෙරළීමේ අවදානමක් ඇති බැවින් විමසිලිමත්ව රථ වාහන ධාවනය කරවන ලෙසයි.














































