මිත්තණියගේ ගෙල පිහියකින් කපා ඝාතනය කර සිරුර කැළයක් වෙත ගෙන ගොස් දැමූ මුනුපුරෙකු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
මෙම මිත්තණිය , සැකකරු පදිංචිව සිටින නිවසේ පදිංචිව සිට ඇති අතර මිය ගිය මිතතණිය මීට දින කිහිපයකට පෙර රෝහල් ගතව සිට පසුගිය 25 වැනිදා නිවසට පැමිණ ඇත.ඇයගේ ප්‍රතිකාර සඳහා මවට මුදල් වියදම් වන බවට උරණ වී ඇති අතර උත්සවයකට සහභාගී වී මත්පැන් පානය කර නිවසට පැමිණ තම මිත්තණියට පිහියකින් පහර දී ඝාතනය කර අනතුරුව මිත්තණියගේ සිරුර අසල කැලෑවකට ඇද ගොස් දමා ඇති බව සඳහන්.
සැකකරු 24 හැවිරිදි අයෙක් වන අතර මිය ගිය කාන්තාව බදුරලිය , හැඩිගල්ල ජනපදය , බොල්ලුන්ත ප්‍රදේශයේ පදිංචිව සිටි ලීලාවතී වික්‍රමසිංහ නැමැත්තියකි.
සැකකරු විසින් ඝාතනයට යොදා ගත් තියුණු ආයුධය පොලිසිය මඟින් සොයා ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් බදුරලිය පොලිසිය විසින් වැඩි දුර විමර්ශන කටයුතු සිඳු කරන බව සඳහන්.














































