තණමල්විල ,වැල්ලවාය මාර්ගයේ සර්වෝදය හන්දියේදී ඊයේ (23) මෙහෙණින් වහන්සේ නමක් කුඩා ලොරි රථයක ගැටී අපවත් වී ඇති බව වාර්තා වේ.
මෙම අනතුරින් අපවත් වූ මෙහෙණින් වහන්සේ වයස අවුරුදු 68ක් වන මොණරාගල ,කලවැල්ආරගම ප්‍රදේශයේ ආරණ්‍ය සේනාසනයක වැඩවාසය කළ බවට පොලිසිය ප්‍රකාශ කර තිබේ.
අනතුර සිදු කළ ලොරි රථ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර තණමල්විල පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.














































