කොළඹ ජාතික රෝහලේ දියවැඩියා සායනයට ප්‍රතිකාර සඳහා බොහෝ රෝගීන් පිරිසක් පැමිණෙන අතර එහිදී ඔවුන්ට ලබා දෙන ඉන්සියුලින් නම් ඖෂධය හිඟවිමෙන් රෝගීන් බොහෝ අසීරුතාවලට ලක්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග වාර්තා කරයි.
මෙම දියවැඩියා රෝගීන්ට මසකට එවැනි කුප්පි දෙකක් පමණ අවශ්‍ය බවත් වෛද්‍යවරුන් මෙම ඖෂධය පෞද්ගලිකව ලබා ගන්නා ලෙස දන්වා සිටියද එම ඖෂධය සඳහා රුපියල් 1000කට වඩා වැඩි මුදලක් අවශ්‍ය බවත් , රෝගීන්ට එය දරාගත නොහැකි බවත් වෛද්‍යවරුන් පෙන්වා දෙයි.