පලස්තීන සටන්කාමීන් විසින් වසර ගණනාවකට පසු එල්ල කළ දැවැන්ත ප්‍රහාරයෙන් ඊශ්‍රායලයේ මියගිය සංඛ්‍යාව 250 ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේම ප්‍රහාරයෙන් තවත් 1590කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි.
ගාසා තීරයේ සිට සන්නද්ධ ක්‍රියාකාරීන් විශාල පිරිසක් දකුණු ඊශ්‍රායලයට ඇතුළු වී ඊශ්‍රායල සොල්දාදුවන් සහ සිවිල් වැසියන් යන දෙපාර්ශවයම ප්‍රාණ ඇපයට ගෙන ඇති බවට විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
මෙම ප්‍රහාරයට ප්‍රති ප්‍රහාර වශයෙන් ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කළ ගුවන් ප්‍රහාර මාලාවකින් පුද්ගලයන් 232ක් මිය ගොස් 1600ක් තුවාල ලබා ඇති බව සදහන්.















































