ජනවාරි මාසයේ සිට මේ දක්වා නිකුත් කර ඇති සාමාන්‍ය සේවා ,එක් දින සේවා , විදේශ දූත ගමන් සඳහා නිකුත් කර ඇති විදේශ ගමන් බලපත්‍ර සංඛ්‍යාව 78, 117ක් බව වාර්තා වේ.එමෙන්ම විදේශ ගමන් බලපත්‍රයක් අස්ථානගත වුවහොත් වහාම පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙසත් එම පැමිණිල්ලත් සමඟ නව විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ හැකියාව පවතින බවත් විදේශ ගමන් බලපත්‍රය කල් ඉකුත් වීමේ දිනයට පෙර අස්ථානගතවුවහොත් යම් දඩ මුඩලක් ගෙවිය යුතු බවත් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලක සහ මාධ්‍යප්‍රකාශිකා හංසනී හංසිකා කුමාරි ප්‍රකාශ කළ බව වාර්තා වේ.














































