අඩු වූ පොහොර සහනාධාරය නිලධාරින්ගේ නොසැලකිලිමත්කම හේතුවෙන් ගොවීන්ට මෙතෙක් නොලැබීම සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඊට අදාළව නිලධාරින් කිහිප දෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බවට කෘෂිකර්ම අමාත්‍යාංශයේදී ඊයේ (15) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළ බව සදහන්.














































