අත්අඩංගුවට පත් මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයෙකු වන අජිත් බණ්ඩාර මහතා ඇපමත මුදාහැරීමට අධිකරණය නියෝග කර ඇති බව වාර්තා වේ.
සැකකාර හිටපු උප සභාපතිවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදාහැර ඇති බව වාර්තා වේ.
කාන්තාවක් අපහසුතාවයට පත්වන අයුරින් දැන්වීමක් අන්තර්ජාලය ඔස්සේ පළකිරීමේ චෝදනාවක් යටතේ ඔහුව අත්අඩංගුවට ගෙන තිබූ බව සදහන්.
අදාළ කාන්තාවගේ ඡායාරූප සහ අසභ්‍ය දැන්වීම් අන්තර්ජාලය ඔස්සේ පළකිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ලැබී ඇති අතර ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ විමර්ශනයකදී සැකකාර උපසභාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.














































