නීතිවිරෝධී ලෙස ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී එරටදී අත්අඩංගුවට ගෙන පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද (09) දිවයිනට පැමිණ ඇති බවට වාර්තා වේ.
ඔස්ට්‍රේලියාවට අයත් ඒ එස් වයි 013 දරණ ගුවන් යානයෙන් ශ්‍රී ලාංකිකයින් 41 දෙනෙකු අද පෙරවරුවේ කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ ඇති අතර ඔවුන් සමග පැමිණි ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ නිලධාරින් ශ්‍රී ලාංකිකයන් මෙරට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරින් වෙත භාර දී තිබේ.
මෙම පිරිසෙන් වැඩි දෙනෙකු යාපනය සහ වාලච්චේන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර මොවුන් බහුදින ධීවර යාත්‍රා මගින් මුහුදු මාර්ගයෙන් ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී,එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ක්‍රිස්මස් දූපතෙහි රදවා සිට ඇති බව සදහන්.














































