එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවට අනුව, ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 39ක් පමණ ආහාර අනාරක්ෂිතභාවයට මුහුණදී සිටින බවත් , නිවාස 10,000කට අධික සංඛ්‍යාවක් දැඩි ආහාර අනාරක්ෂිතතාවයකට මුහුණ දී සිටින බවත් , ලක්ෂ 29ක පමණ ළමුන්ට ජීවිතාරක්ෂක පෝෂණය, සෞඛ්‍යය, අධ්‍යාපනය, ජලය සහ සනීපාරක්ෂාව, ආරක්ෂාව සහ සමාජ ආරක්ෂණ සේවාවන් වෙත ප්‍රවේශ වීමට මානුෂීය ආධාර අවශ්‍ය බවත් අනාවරණය වී තිබෙන බව වාර්තා වේ .
මෙම යුනිසෙෆ් වාර්තාව “ශ්‍රී ලංකා මානුෂීය තත්ව වාර්තාව අංක 01 (ආර්ථික අර්බුදය)” මෙම වසරේ ජනවාරි 01 සිට ජුනි 30 දක්වා කාලය ආවරණය කරන අතර මැයි මස වන විට මිලියන ලක්ෂ 39ක පමණ ජනතාවක් ‘මධ්‍යස්ථ ආහාර අනාරක්ෂිත’ ලෙස එහි වර්ගීකරණය කර තිබේ .
එමෙන්ම වතු අංශයේ ප්‍රජාව ඉහළම මට්ටමේ උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බවත් , ඉන් පසුව සමෘද්ධි හෝ ආබාධිත ප්‍රතිලාභ වැනි සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රම මත දැඩි ලෙස යැපෙන පවුල් දක්නට ලැබෙන බවත් සඳහන් .
තවද රට තුළ මතුපිටින් ආර්ථික ස්ථාවරත්වය සහ ආහාර සුරක්ෂිතතාව වැඩිදියුණු වී ඇති බව පෙනුණත් ආහාර වෙනුවෙන් සිය තැන්පතු ආපසු ගැනීම්, මුදල් ණයට ගැනීම සහ ණයට ආහාර මිලදී ගැනීම සිදුකළ ජන ප්‍රතිශතය පසුගිය මැයි මාසයට සාපේක්ෂව ජූනි මාසයේදී 48% සිට 62% දක්වා විශාල ලෙස ඉහළගොස් ඇති බව එම වාර්තාව වැඩි දුරටත් අනාවරණය කර තිබේ .














































