කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණ සිරමැදිරියේ සිටි රැඳෙවියෙකුට මත්ද්‍රව්‍ය පාර්සලයක් ලබා දී පලා යාමට උත්සාහ දැරූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
කැස්බෑව අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත්වරයා දිවා විවේකය සඳහා නඩු කටයුතු කල්තබා තිබූ අවස්ථාවේ දී මෙම සැකකරු සිරමැදිරිය ඉදිරිපිට තිබෙන බංකුව මත අසුන්ගෙන සිටියදී කිසියම් කුඩා පාර්සලයක් සිරමැදිරිය තුළට ලබා දෙන අයුරු එම අවස්ථාවේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකුගේ නෙත ගැටී තිබේ.එහිදී ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරියා අදාළ සැකකරුව අත්අඩංගුවට ගැනීම සඳහා සැකකරු අසලට පැමිණෙත්ම ඔහු පලා යාමට උත්සාහ දරා තිබේ.
නමුත් මෙම සැකකරුව අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීයා සමත් වී තිබේ.
අදාළ සැකකරු කළුතර , වස්කඩුව ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකි.