English
සිංහල
00:56 සිකුරාදා, ඔක්තෝබර් 24, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    පොලීසියට ඕනි ඕනි විදියට මිනිස්සු අත්අඩංගුවට ගන්න බෑ. – ඓතිහාසික නඩු තීන්දුවක්.

    publisher 1 by publisher 1
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    හුදු පැමිණිල්ලක් මත විතරක් යාන්ත්‍රිකව අත්අඩංගුවට අරන්… මාස 5ක් තිස්සේ කිසිම විමර්ශනයක් කරලා නෑ… පෞද්ගලික යම් අරමුණු ඉටුකර ගැනීමට පොලිස් බලතල භාවිතා කරන්න බෑ… පොලිසිය අපරාධ යුක්ති යාන්ත්‍රණය අවභාවිතාවට ලක්කරලා… CID එකේ තුන්දෙනාටත් දඩ ගහලා : ලක්ෂ 30ක වන්දියකුත් නියම කරලා…

    ශ්‍රී ලංකාවේ උසස්ම සහ උත්තරීතරම අධිකරණය වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයයි. මෙහි ප්‍රධාන විනිශ්චයකාරවරුන් හයකට නොඅඩු සහ දහයකට නොවැඩි සංඛ්‍යාවක් සිටින අතර, ඔවුන් එම තනතුරු සඳහා පත්කරනු ලබන්නේද ජනාධිපතිවරයා විසිනි.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අර්ථ නිරූපණය කිරීමේ පූර්ණ අයිතිය ශ්‍රේෂ්ඨාධිකරණය සතුවේ. ජනාධිපතිවරයකුට එරෙහිව ඉදිරිපත් වන දෝෂාභියෝගයක් සම්බන්ධ පරීක්ෂා කිරීමේ අයිතියද ශ්‍රේෂ්ඨාධිකරණය සතුවූ නමුත් විධායක ජනාධිපති බලතල යටතේ පසුව එය අහෝසි විය.

    මෙම උත්තරීතර ආයතනය ශ්‍රී ලංකා ජනරජයේ ශ්‍රේෂ්ඨාධිකරණය හෙවත් සුප්‍රීම් උසාවිය යන වදනින්ද හැඳින්වෙයි. සරල තේරුමකින් ගත් කල පොදුවේ ශ්‍රී ලංකාවේ අධිකරණය යනු ශ්‍රී ලංකාවේ යුක්තිය පසිඳලීම සඳහා වගකිව යුතු සිවිල් උසාවි සහ අපරාධ උසාවිවල එකතුවකි. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් උසාවි නිර්වචනය කර ඇත්තේ සම්ප්‍රදාය තුළ ස්වාධීන ආයතන ලෙසය. ශ්‍රී ලංකාවේ අධිකරණය ඉංග්‍රීසි සාමාන්‍ය නීතිය, රෝම-ලන්දේසි සිවිල් නීතිය සහ චාරිත්‍රානුකූල නීතියේ එකතුවක් ලෙස සැලකිය හැකිය.

    ශ්‍රේෂ්ඨාධිකරණය සතුවූ බලතල 07ක් අර්ථකථනය කර තිබෙයි. ඒවා මොනවාදැයි සොයා බලමු.

    ★ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම.

    ★ පනත් කෙටුම්පත්වල ව්‍යවස්ථානුකූලත්වය තහවුරු කිරීම.

    ★ අවසාන අභියාචනාධිකරණ බලතල.

    ★ උපදේශක අධිකරණ බලය.

    ★ ඡන්ද පෙත්සම් නඩු සම්බන්ධ අධිකරණ බලය.

    ★ පාර්ලිමේන්තු වරප්‍රසාද සම්බන්ධ බලය.

    ★ පාර්ලිමේන්තුව විසින් පවරනු ලබන හෝ නියම කරනු ලබන වෙනත් බලතල ක්‍රියාත්ම කිරීම.

    උත්තරීතර ශ්‍රේෂ්ඨාධිකරණයක කාර්යභාරයක් ගැන යම් අර්ථකථනයක් සිදුකරමින් අද ඔබට මේ ලිපිය ලියා තැබීම ආරම්භ කළේ ඇයි? එය නම් මෙයට දින කිහිපයකට පෙරදී අපට අසන්නට ලැබුණු සුවිශේෂ සිදුවීමක් හේතු කරගනිමිනි.

    මෙම සිදුවීම වාර්තා වන්නේද ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය තුළිනි.

    අධිකරණයක් විසින් ගනු ලබන විවිධාකාරයේ තීන්දු තීරණ සහ නියෝගයන් ගැන අපට නිරන්තරයෙන්ම අසන්නට ලැබෙයි.

    ඒවායින් සමහර තීන්දු සහ නියෝගයන් ගැන පමණක් විශේෂත්වයක් ඇතිව අසන්නට ලැබෙයි. එනම් එවැනි සමහර තීන්දු තීරණ සමාජය මහත් ආන්දෝලනයකටද පත්කරනු ලබයි. අද ඔබට මෙලෙස ලියා තබන්නට යන සිදුවීමද එවැනිම සමාජය මහත් කුතුහලයකට සහ ආන්දෝලනයකට පත්කළ සුවිශේෂ සිදුවීමක් වෙයි.

    මෙයට දින කිහිපයකට පෙරදී මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය ගත් මෙම තීන්දුව එම උත්තරීතර ආයතනයේ පළමු වැනි සුපිරි බලතලය වූ ‘මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම’ විදහා දක්වයි.
    මෙම ඓතිහාසික නඩු තීන්දුවේ කතාව කුමක්ද? පසුගියදා ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සුවිශේෂ නඩු තීන්දුවක් ලබාදෙමින් යම් පුද්ගලයකුට එරෙහිව රුපියල් ලක්ෂ 30ක (රුපියල් මිලියන 03ක්) සුවිශාල දඩ මුදලක් නියම කළේය. යම් පුද්ගලයකු විසින් තවත් යම් පුරවැසියකුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (සී.අයි.ඩී.) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබීම මෙම සිදුවීමේ මූලාරම්භය විය.

    මෙම පැමිණිල්ල සිදුකිරීමෙන් පසුව චෝදනාවට ලක්වූ පුද්ගලයා අපරාධ පරීක්ෂණ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අතර, පසුව අධිකරණයක් හරහා ලබාගත් නියෝග මත දින 08ක් රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරිණි.

    මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ ගනේෂන් සැම්සන් රෝයි නමැත්තකු වන අතර, ඔහු පසුව මෙම චෝදනාවන් සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව ප්‍රකාශ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙහි මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. මෙම සිදුවීම හරහා තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවුණේ යැයි එම පෙත්සම හරහා ප්‍රකාශ කර සිටියේය.

    ශවීන් චතුරංග නමැත්තකු විසින් තමන්ට එරෙහිව සිදුකරන ලද ව්‍යාජ පැමිණිල්ලක් හේතුකරගෙන මෙසේ තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවන ලදැයි පෙත්සම මගින් ප්‍රකාශ කර තිබිණි. මේ අනුව පසුගියදා මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාගයට ගනු ලැබුවේය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා ප්‍රධාන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ඒ.එච්.එම්.ඩී. නවාස් සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත වූ විනිසුරු මඬුල්ලක් හමුවේ පෙත්සම විභාගයට ගැනිණි.

    අවසානයේදී විනිසුරු මඬුල්ල සුවිශේෂ තීන්දුවක් ලබාදෙමින් පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි ප්‍රකාශ කරමින් තීන්දුව ලබාදුන්නේය.

    විනිසුරු මඬුල්ලේ ප්‍රධානී බුවනෙක අලුවිහාරේ මහතා තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

    ශ්‍රේෂ්ඨාධිකරණ ප්‍රධාන විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා තම අවසන් තීන්දුව ලබාදෙමින් මෙසේ ප්‍රකාශ කළේය.

    ‘මෙම චෝදනාව විශ්වාසදායක බවට මතයක් ගොඩනගා නොගෙන හුදු පැමිණිල්ලක් මත පමණක් යාන්ත්‍රිකව අත්අඩංගුවට ගැනීමක් සිදුකර තිබෙනවා.
    පොලිස් නිලධාරීන්ට එවැනි ක්‍රමයක් අනුගමනය කළ නොහැකියි. එබැවින් පැමිණිල්ල විශ්වසනීයද යන්න හෝ ලබාදී ඇති තොරතුරු විශ්වාසදායකද යන්න හෝ තහවුරු කරගැනීම සඳහා පොලිස් නිලධාරියකු විසින් අවශ්‍ය පරීක්ෂණ සිදුකිරීම කළ යුතුය.

    සාමාන්‍ය හෝ නොපැහැදිලි සැකයක් මත අත්අඩංගුවට ගැනීම මගින් පුද්ගලයකුට සහතික කර ඇති පුද්ගලික නිදහස සැලකිය යුතු ලෙස සීමා කිරීමට හේතු වෙනවා. එබැවින් අදාළ චෝදනාව සත්‍යාපනය කිරීම අත්අඩංගුවට ගැනීමට පෙර පොලිස් නිලධාරීන්ගෙන් විචක්ෂණශීලී ක්‍රියාවලියක් අත්‍යාවශ්‍ය වෙනවා.

    සැකකරුට වංචා කිරීමේ චේතනාවක් තිබුණාද යන්න සොයා බැලිය යුතුයි. මෙම අත්අඩංගුවට ගැනීම ආරම්භයේ සිටම දෝෂ සහිතයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණිල්ල ස්වාධීනව සත්‍යාපනය කිරීමට කිසිදු උත්සාහයක් ගෙන නැහැ.

    මෙම සිදුවීම සැබැවින්ම අසත්‍ය බව පසුබිම් කරුණුවලින් උකහාගත හැකියි. පුරවැසියාගේ මූලික අයිතිවාසිකම් සුරැකීමේ ක්‍රියාවලියේදී විධායකය තම බලතල භාවිත කරමින් අසාධාරණ ලෙස හෝ අත්තනෝමතික ලෙස හෝ තම යටි අරමුණු ඉටුකර ගැනීමට පොළඹවන පුද්ගලික පාර්ශ්වයන් අනුමත කිරීමට අධිකරණයට නොහැකියි.

    එසේම මෙවැනි හැසිරීම්වලට ඉඩ දීම මගින් නීතියේ ආධිපත්‍යය බිඳවැටීමට සහ මහජන විශ්වාසය පළුදු වීමට තුඩු දෙනු ඇත. එබැවින් මෙම අධිකරණය විසින් එම උල්ලංඝනය හෙළාදකිනවා….’
    මෙය සැබැවින්ම ඓතිහාසික එමෙන්ම අති සුවිශේෂ නඩු තීන්දුවකි. යම් පුද්ගලයකුගේ මූලික අයිතිවාසිකම් සහ මානව හිමිකම් කඩවීම මේ මගින් පෙන්නුම් කරයි.

    ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම තීන්දුව යටතේ අවසානයේදී අගතියට පත් පෙත්සම්කරුට රුපියල් රුපියල් ලක්ෂ 30ක වන්දියක් ගෙවන ලෙස පැමිණිල්ල ඉදිරිපත් කළ පුද්ගලයාට නියෝග කෙරිණි.

    ඒ අතරම අනෙක් සුවිශේෂ පුවත වූයේ එම තීන්දුව තුළම පොලිස් නිලධාරීන් තිදෙනකුටද වන්දි මුදල් පෙත්සම්කරු වෙත ගෙවීමට නියෝග කර තිබීමය. ඒ අනුව පෙත්සම්කරු අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂකවරයකුට රුපියල් 75,000ක්ද, උපපොලිස් පරීක්ෂකවරයකුට රුපියල් 25,000ක්ද, පොලිස් කොස්තාපල්වරයකුට රුපියල් 25,000ක්ද වන්දි වශයෙන් පෙත්සම්කරුට ගෙවීමට නියෝග කෙරිණි.

    මෙය සැබැවින්ම පොදු සමාජය මහත් ආන්දෝලනයකට පත්කළ වාර්තාගත ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් විය.

    මෙම සිදුවීමේ මූලාරම්භය වන්නේ මෙයට වසර 06කට පමණ ඉහතදී ඇතිවූ සිදුවීමකි. එනම්. 2017 වසරේ නොවැම්බර් 16 වැනිදා පෙත්සම්කරු අත්අඩංගුවට ගෙන, වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට දින 08ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර පසුව ඇප මත මුදාහැර තිබීමය.

    ඉන් පසුව තමන් මෙවැනි ක්‍රියාවක් සිදු නොකළ බව පැවැසූ පෙත්සම්කරු තමාට එරෙහිව සිදුකළ පැමිණිල්ල සම්පූර්ණ අසත්‍ය එකක් බවත්, ඒ මත තමන්ව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම තුළින් වගඋත්තරකරුවන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමින් පෙත්සම්කරු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර තිබිණි. ඔහුගේ මෙම පෙත්සම විභාගයට ගැනෙන්නේ ඉන් පසුවය.

    පෙත්සම්කරු කියා සිටින්නේ තමා මිත්‍රයකු මාර්ගයෙන් හඳුනාගත් පැමිණිල්ල ඉදිරිපත් කළ පුද්ගලයාට වාහන දෙකක් ලබාදෙන බව පවසා රුපියල් මිලියන 07ක මුදලක් වංචා කළේ යැයි චෝදනා කොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බවය. ඉන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් තමන් අත්අඩංගුවට ගෙන වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින 08ක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු බවත් ඔහු තම පෙත්සම මගින් කියා සිටියි.

    පෙත්සම්කරු වන ගනේෂන් සැම්සන් රෝයි නමැත්තා තම පෙත්සම මගින් මෙම සිදුවීම විස්තර කර ඇත. එනම් එවක ඔහුගේ නෑනා වූ රෙහානා නමැත්තියට ඔහුගේ බැංකු ගිණුම භාවිත කරමින් ඇය විසින් ශවීන් චතුරංග නමැති පැමිණිලිකරුගෙන් ණය මුදලක් ලබාගැනීමට කටයුතු කර ඇත. ඒ අනුව රුපියල් ලක්ෂ 70ක (මිලියන 07ක්) මුදලක් කොටස් වශයෙන් ශවීන් චතුරංග විසින් ගනේෂන් සැම්සන් රෝයිගේ ගිණුමෙහි තැන්පත් කර ඇත.

    බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ මෝටර් රථ දෙකක් ලබාදීමේ පොරොන්දුවක් මත මූලික මුදලක් වශයෙන් මෙම ගනුදෙනුව සිදුකර ඇත.

    එහෙත් පසුව කාලය ගෙවී යද්දී මෙසේ ලබාගත් මුදල් තමන් වෙත නැවත ලබාදීම රෙහානා සහ ගනේෂන් සැම්සන් රෝයි විසින් පැහැරහැරියේ යැයි ශවීන් චතුරංග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළේය. බී.එම්.ඩබ්ලිව්. මෝටර් රථ විදේශයකින් ආනයනය කර ලබාදීම මත මෙම ගනුදෙනුව සිදුව ඇතත් එය නිසියාකාර ලෙස සිදුව නොමැත. මේ තත්ත්වය මත ඉහත මුදල් ලබාගත් යුවල විසින් පැමිණිලිකරු වෙත නැවත එම මුදල් කොටස් වශයෙන් ගෙවා ඇත. එහෙත් පැමිණිලිකරු තම පැමිණිල්ල සිදුකර ඇත්තේ තමන්ට මුදල් නැවත ලබා නොදුන් බව පවසමිනි. මෙහිදී ඉහත යුවල විසින් තමන් මුදල් ලබාදුන් බවට සත්‍ය සාක්ෂි ඉදිරිපත් කරන ලද අතර, ශ්‍රේෂ්ඨාධිකරණය එම කරණු කාරණා පිළිගෙන තීන්දුව ලබාදුන්නේය.

    ප්‍රියන්ත හෙට්ටිගේ
    ‘පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය වෙත පැවරී තිබෙන බලතල තමන්ගේ පෞද්ගලික යටි අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදාගත නොහැකියි.

    එසේ සිදුකිරීම මගින් නීතියේ ආධිපත්‍යය බිඳවැටෙනවා. මෙම අනීතික ක්‍රියාව හරහා වගඋත්තරකරුවන් අපරාධ යුක්ති යාන්ත්‍රණය අවභාවිතයට ලක්කර තිබෙනවා. මෙය බලවත් වරදක්. පෙත්සම්කරු (චෝදනාවට ලක්වූ තැනැත්තා) අත්අඩංගුවට ගන්නා දිනය දක්වා මාස 05ක පමණ කාලයක් තිබුණා මෙහි සත්‍ය අසත්‍යභාවය සොයා බැලීමට. එහෙත් වගඋත්තරකරුවන් විසින් එම ක්‍රියාව සිදුකර නැහැ. මේ නිසා වගඋත්තරකරුවන් මෙරට ක්‍රියාත්මක අපරාධ යුක්ති යාන්ත්‍රණය පැහැදිලිවම අවභාවිතයට ලක්කර තිබෙනවා. මෙය නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමට ඇති මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව ප්‍රකාශ කරනවා…’

    ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රධාන විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා

    (උපුටා ගැනීම – මව් රට)

    Tags: ප්‍රජා පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    Uncategorized

    19 වනදා සිට යළිත් සෞඛ්‍ය වර්ජනයක් .

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version